පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.

ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන වැඩිහිටි තරගාවලිය 2023 ට අදාලව පැවැත්වීමට නියමිත සරල ගී ඒකල මුලික හඩ පරීක්ෂණ වැඩසටහන් 2023.07.29 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී සහ 2023.08.04 වන දින කළුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී පවැත්වේ.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව පළාත් ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල ප්‍රධාන නිලධාරින් සඳහා මාර් තු මස 23, 24 දින වල හා 27, 28 දිනවල නේවාසික දැනුවත් කිරිමේ පහුණු වැඩමුළු දෙකක් පවත්වන පවත්වන ලදි.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද බස්නාහිර පළාත් “වැඩිහිටි දින සැමරුම් උළෙල – 2022” බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 18 වන පවත්වන ලදී.

“රජත මියැසිය” ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගීත ප්‍රසංගය

දේශීය ආහාර වර්ග සැකසීම හා අලෙවි කිරීම සඳහා හෙළ බොජුන් හල් ඉදිකිරීම

රජයේ නිවර්තන නිවාසයේ අවුරුදු උත්සවය පැවැත්වීම

බස්නාහිර පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී හා වැන්දඹු රෝගී පුද්ගලයන් සදහා ස්වයං රැකියා උපකරණ ලබාදීම