2026.05.07/08 දෙපාර්තමේන්තුව හඳුන්වා දීමේ දෙදින පුහුණු වැඩසටහන

2026 වර්ෂික ස්ථාන මාරු ලබා දෙපාර්තමේන්තුව වෙත පැමිණි සංවර්ධන නිලධාරීන් සහ කළමනාකරන සේවා නිලධාරීන්
සඳහා අධ්‍යක්ෂ සමින්තා ගිමානී පෙරේරා මහත්මියගේ මග පෙන්වීම අනුව දෙපාර්තමේන්තුව හඳුන්වා දීමේ දෙදින පුහුණු
වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි . ප්‍රධාන පුහුණු කිරීම් නිලධාරී ලෙස
මූලස්ථාන ජ්‍යේෂ්ඨ සමාජසේවා නිලධාරී මංගල අසෝක මහතා කටයුතු කළේය.

2026/4/28 වැඩිහිටි මවුපියවරුන්ට කායික මානසික සුවතාවය ගෙනා අවුරුදු උත්සවය

පන්නිපිටිය පොල්වත්ත පිහිටි කොළඹ දිස්ත්‍රික් වැඩිහිටි සුභසාධන සේවා මධ්‍යස්ථානයේදී සාමාජික වැඩිහිටි
මවුපියවරුන්ගේ කායික මානසික සුවතාවය උදෙසා අවුරුදු උත්සවයක් පවත්වන ලදී. සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.)
අධ්‍යක්ෂ සමින්තා ගිමානී පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා විශේෂ අමුත්තා ලෙස විශාරද එරන්දි හේෂානි
මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා වැඩිහිටියන් එකසිය පනහකගේ පමණ සහභාගිත්වයක්
දක්නට විය.

2026/04/21 වත්තල අධ්‍යාපනාධාරලාභී දරුවන්ගේ මව්වරුන් සඳහා පැවැත්වූ කාන්තා සුවසෙත වැඩසටහන

සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) ප්‍රතිපාදන මගින් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පියා අහිමි දරුවන්
සදහා අධ්‍යාපනාධාර 2026 වසරෙහි පලමු ලබා දීම සිදු කරන ලදී. ඊට සමගාමීව එම දරුවන්ගේ මව්වරුන් සඳහා “කාන්තා
සුවසෙත ” යන මැයෙන් ආයුර්වේද වෛද්‍ය පාඩියප්පෙරුම මහතාගේ සම්පත් දායකත්වයෙන් දැනුවත් කිරීමක්ද පැවැත්විණි.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් බ.ප සමාජ සේවා නිලධාරි ටී.කේ.ගයනි දීපිකා මහත්මියගේ
මෙහෙයවීමෙන් වැඩසටහන සිදු කෙරිණි

2026.04.10 මීරිගම සත් සෙවන රජයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිමි ළමයින්ගේ සංවර්ධන මධ්‍යස්ථානයේ අවුරුදු උත්සවය

මීරිගම සත් සෙවන රජයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිමි ළමයින්ගේ සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරුවන් උදෙසා
පුනරුත්ථාපනමය අරමුණින් සංවිධානය කළ අවුරුදු උත්සවය ආයතනයේ සංවිධානයෙන් හා මීරිගම ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සහභාගිත්වයෙන් ආයතන පරිශ්‍රෙය්දී පවත්වන ලදී.

2026/04/08 මතුගම මයුර ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ අවුරුදු උත්සවය

මතුගම මයුර ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ සේවාලාභී විශේෂ දරුවන් උදෙසා පුනරුත්ථාපනමය අරමුණින්
සංවිධානය කළ අවුරුදු උත්සවය සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) අධ්‍යක්ෂ සමින්තා ගිමානී පෙරේරා මහත්මියගේ
ප්‍රධානත්වයෙන් හා මූලස්ථාන ජ්‍යේෂ්ඨ සමාජසේවා නිලධාරී මංගල අසෝක මහතාගේ හා කළුතර දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ
සමාජසේවා නිලධාරී දුෂ්මන්ත මහත්මියගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

2026.04.07 තනි මව්වරුන් සඳහා නීති සායනය

සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) ප්‍රතිපාදන මගින් අධ්‍යාපනාධාර ලබන තනි මාපිය දරුවන්ගේ මව්වරුන් සඳහා
නීති උපදෙස් ලබා දීමට නීතිඥ K.A.I.S කලුබෝවිල මහත්මියගේ සම්පත් දායකත්වයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ නීති සායනයක් පැවැත්විණි.

2026/3/27 පොල්වත්තේ පැදුරු සාජ්ජය

පන්නිපිටිය පොල්වත්ත පිහිටි කොළඹ දිස්ත්‍රික් වැඩිහිටි සුභසාධන සේවා මධ්‍යස්ථානයේදී සාමාජික වැඩිහිටි
මවුපියවරුන්ගේ කායික මානසික සුවතාවය උදෙසා සංගීත චිකිත්සමය වැඩසටහනක් ලෙස “පැදුරු සාජ්ජය” ගායන
වැඩසටහන පැවැත්විණි. සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) අධ්‍යක්ෂ සමින්තා ගිමානී පෙරේරා මහත්මියගේ
ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ පුහුණු කිරීම් සහ සංගීත වෘන්දය මෙහෙය වීම සංගීතඥ සිසිර මාරසිංහ
මහතාගෙනි. වැඩිහිටියන් එකසිය පනහකගේ පමණ සහභාගිත්වයක් දක්නට විය.

2026.03.27 බියගමආහාර නිෂ්පාදන ස්වයං රැකියා පුහුණුව

සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) ප්‍රතිපාදන මගින් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම් ලාභී
වැඩිහිටි ප්‍රජාව සඳහා ආහාර නිෂ්පාදන ස්වයං රැකියා පුහුණුවක් කඳුබොඩ් විවේකාරාම විහාරයේදී ලබා දෙනලදී .

2026.03.20 කළුතර වැඩිහිටියන්ට ශාරීරික සුවතාවය හා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව

වැඩිහිටියන් උදෙසා ශාරීරික සුවතාවය හා ප්‍රථමාධාර පිළිබඳ පුහුණු වැඩසටහනක් කළුතර ඇවිදින්නන්ගේ සංගමයේ
අනුග්‍රහය ඇතිව මහජන සෞඛ්‍ය සේවා හෙද නිලධාරීනී H.H.D.L.ප්‍රියංගිකා මහත්මියගේ සම්පත් දායකත්වයෙන්
වැඩිහිටියන් හැත්තෑ පහකගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් වැඩිහිටි සුභසාධක සේවා මධ්‍යස්ථානයේදී පවත්වන
ලදී.

2026.03.04 මිරිගම වැඩිහිටි මවුපියවරුන්ට සෙත් පැතූ ධර්ම දේශනය

වැඩිහිටි මවුපියවරුන්ට සෙත් පතා මකුලෑවේ විමල නාහිමියන්ගේ සුමධුර ධර්ම දේශනයක් මිරිගම පිහිටි ගම්පහ වැඩිහිටි
සුභසාධන සේවා මධ්‍යස්ථානයේදී වැඩිහිටියන් සියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

2026.03.03. කැලණිය ආබාධ සහිත පුද්ගලයන්ට උපදේශන වැඩසටහන

සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) ප්‍රතිපාදන මගින් ආධාර ලබන කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධ
සහිත පුද්ගලයන් සහ එම භාරකරුවන් සඳහා උපදේශන වැඩසටහනක් පවත්වන ලදී. ප්‍රතිලාභීන් 56 ක් ඊට සහභාගි වූහ.

2026/02/05 කොළඹ දිස්ත්‍රික් වැඩිහිටි සුභසාධන සේවා මධ්‍යස්ථානයේ නිදහස් ගී

ජාතික නිදහස් දින සැමරුම් වැඩසටහනක් වශයෙන් හා වැඩිහිටි මානසික සුබ සාධනය උදෙසා සංගීත චිකිත්සමය
වැඩසටහනක් වශයෙන් දේශාභිමානී ගී ප්‍රසංගයක් බස්නාහිර පළාත් සෞඛ්‍ය හා සමාජ සුභසාධන අමාත්‍යංශ ලේකම්
ඒ.එල් කළුකපුආරච්චි මහතාගේ හා සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) අධ්‍යක්ෂ සමින්තා ගිමානී පෙරේරා මහත්මියගේ
ප්‍රධානත්වයෙන් වැඩිහිටියන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පන්නිපිටිය පොල් වත්ත පිහිටි කොළඹ
දිස්ත්‍රික් වැඩිහිටි සුභසාධන සේවා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

2026.01.13/14 දෙපාර්තමේන්තු 2026 ක්‍රියාත්මක වැඩසටහන සකස් කළ දා

බස්නාහිර පළාත් සෞඛ්‍ය හා සමාජ සුභසාධන අමාත්‍යංශ ලේකම් ඒ.එල් කළුකපුආරච්චි මහතාගේ මගපෙන්වීමෙන් හා
සමාජසේවා දෙපාර්තමේන්තුවේ (බ.ප.) අධ්‍යක්ෂ සමින්තා ගිමානී පෙරේරා මහත්මියගේ අධීක්ෂණයෙන් බුද්ධි කලම්බන
ක්‍රමවේද භාවිතයෙන් දෙපාර්තමේන්තුවේ 2026 ක්‍රියාත්මක වැඩසටහන සකස් කිරීම සඳහා ජ්‍යේෂ්ඨ සමාජ සේවා
නිලධාරීන්, අධිකාරීවරුන්, සමාජ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දෙදින
වැඩසටහනක් තලාහේන ප්‍රජා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ප්‍රධාන ලේකම් කාර්යාලයේ (බ.ප.) සැලසුම් අධ්‍යක්ෂ නිල්මිණි මහත්මිය, අයවැය අධ්‍යක්ෂ එන්.ඒ. සුමින්ද මහතා හා
සෞඛ්‍ය හා සමාජ සුභසාධන අමාත්‍යංශයේ (බ.ප.) සැලසුම් අධ්‍යක්ෂ මාධව ප්‍රසාද් මහතා වැඩසටහන සඳහා සම්පත්
දායකත්වයෙන් සහය වූහ.