ආයතනය පිලිබඳ හැඳින්වීම

දැක්ම

අවාසිසහගත ජනතාවට ස්වශක්තියෙන් යුත් තෘප්තිමත් ජිවිතයක්

මෙහෙවර

බස්නාහිර පළාත් අඩු ආදායම්ලාභී අවාසිසහගත ඉලක්ක කණ්ඩායම් වල සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය හරහා සැබෑ අවශ්‍යතා හා වභව ශක්තීන් හඳුනා ගෙන සාධනය,පුනරුත්ථාපනය,උපදේශනය,සවිබල ගැන්වීම හා සමාජගත කිරීම හරහා ඊට අනුකූලව ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශය හරහා ඔවුනට යැපුම් මානසිකත්වයෙන් තොරව ස්වශක්තියෙන් ගොඩනැඟීමට හැකි පසුබිම ගොඩ නැංවීම.

ඉලක්ක කණ්ඩායම

  • බස්නාහිර පළාත තුළ පදිංචි අනාත හා අසරණ පුද්ගලයින්
  • කායික, මානසික හා සාමාජීය වශයෙන් ආබාධ සහිත ළමුන් හා වැඩිහිටියන්
  • අයාල ආඥා පනත යටතේ අධිකරණය මඟින් යොමුකරන කාන්තාවන්
  • වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් සඳහා සේවා සපයන ස්වේච්ඡා ආයතන

අපගේ අරමුණු

  • දිළිඳු පවුල් සඳහා මහජනාධාර, මාසික දීමනා ගෙවීම තුළින් ඔවුන් බල ගැන්වීම.
  • ක්‍ෂය රෝග, පිළිකා , තැලසීමියා හා ලාදුරු රෝගී දුගී පවුල් සඳහා ආධාර ගෙවීම් මඟින් ඔවුන් සුවපත් කිරීමට සහය වීම.
  • අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා විශේෂිත ආධාර යටතේ පෝෂණ ආධාර, අධ්‍යාපන ආධාර, වෛද්‍ය ආධාර හා හදිසි සැත්කම් ආදිය සඳහා ආධාර සැපයීම.
  • වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් නේවාසිකව තබා ගෙන ඔවුන් රැකබලා ගන්නා ලියාපදිංචි වී සිටින ස්වේච්ඡා සංවිධාන ආයතන සඳහා සාමූහික ආධාර සහ යථායෝග්‍යාධාර ලබාදීම. එවැනි සේවා සපයන ආයතන සඳහා සාමූහික ආධාර ලබාදීම හා එම ආයතන අධීක්‍ෂණය කිරීම.
  • සහන අපේක්‍ෂිත දිළිඳු, ආබාධ සහිත පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි, ශ්‍රවණ උපකරණ, රෝද පුටු, ත්‍රෛසිකල්, අත්වාරු, කිහිලිකරු, සුදු සැරයටි, කෘතිම අත් / පා හා අක්‍ෂිකාච ආදිය සැපයීම තුළින් ඔවුනට තම දෛනික කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට පහසු කරලීම.
  • ආබාධ සහිත හා මනස සෙමෙන් වැඩෙන පුද්ගලයින් සඳහා නිවාස / ආයන පිහිටුවා පවත්වවා ගෙනයෑම.
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩිහිටි නිවාස / ආයන පිහිටුවීම, පවත්වාගෙන යෑම සහ ඔවුන් භෞතික හා ආධ්‍යාත්මික පුනරුත්ථාපනය කර ඔවුන්ට සුවදායක දිවි පෙවතක් උරුමකර දීම.
  • අයාල ආඥා පනත යටතේ අධිකරණය මඟින් යොමු කරන කාන්තාවන්ට රැකවරණය සැලසීම, වෘත්තීය හා සාරධර්ම පුහුණුව හා පුනරුත්තාපනය කිරීම.
  • බස්නාහිර පළාත් පුරවැසියන් අධ්‍යාත්මිකව සංවර්ධනය කර සමාජ ප්‍රවාහයට එක් කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම.