අසරණ සරණ ව්‍යාපෘතිය

දැක්ම : වැඩිහිටි ප්‍රජාවට සාඩම්බරව ජීවත්වීමට පරිසරය සැකසීම.

හැඳින්වීම

asarana_sarana
වැඩිහිටියන්ට සත්කාර කිරීම, තම නිවාස හා වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් නාවා, කවා, පොවා ඔවුන්ට සත්කාර කිරීම හා වැඩිහිටියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය හා ඔවුගේ කලා කුසලතා ඔප්නැංවීම සඳහා සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම.

අරමුණු

  • වැඩිහිටි ප්‍රජාව කෙරෙහි දක්වන සෘජු ආකල්ප වෙනස් කිරීම.
  • වැඩිහිටි ප්‍රජාව වෙත වැඩි වටිනාකමක් ලබා දීම.
  • වැඩිහිටියන්ට සැලකීමේ වැදගත්කම ඉස්මතු කිරීම.

ඉලක්කය

බස්නාහිර පළාතේ වෙසෙන අනාථ අසරණ මිනිසුන් සමාජය විසින් රැක බලා ගන්නා සහජීවනයන් පිරි සමාජයක් නැවත ප්‍රති නිර්මාණය කිරීම.

අසරණ සරණ ව්‍යාපෘතිය 2019.09.19

අසරණ සරණ2019

  • බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩහිටි නිවාස වල නේවාසිකව සිටින වැඩිහිටියන් සදහා මනෝ සාමාජීය පසුබිමක් නිවාස තුළ ගොඩනැංවීම.
  • චැඩිහිටි නිවාස වල සේවය කරන නිළධාරීන් සදහා වැඩිහිටි විය පිළිබදව මනෝ විද්‍යාත්මක දෘෂඨි කෝණයකින් වැඩිහිටියන්ගේ රැකවරණය ලබා දීම සදහා පුහුණු කරවීම.
  • ‘සතිමත් බව‘ පිළිබඳව නිලධාරීන් පුහුණු කරුවන් ලෙස පුහුණු කිරීම.
  • රැකවරණය සලසන නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම.
  • රැකවරණය සලසන නිලධාරීන්ගේ මනෝ චිකිත්සක ‘සැහැලිය කරන‘ (Reraxation) ක්‍රමවේදයකට හුරු කරවිම.

මෙය 2019.09.19 දින අපේක්ෂා රෝහලේ ශ්‍රවනාගාරයේ පැවැත්වීමට නියමිතය