වැන්දඹු දිරිය මාතා වැඩසටහන

දැක්ම : වැන්දඹු දිරිය මාතාවන්ට ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීම.

හැඳින්වීම

asarana_sarana
වැන්දඹු දිරිය මාතාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන විවිධ තිරසාර වැඩසටහන් ආරම්භ කළ හැකිය. ස්වාමි පුරුෂයා නොමැතිවීම නිසා පවු‍ලේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල වැන්දඹුවන්ට යම් ආකාරයක ශක්තියක් ලබා දීමට බලාපොරොත්තු වේ.

අරමුණු

  • වැන්දඹු දිරිය මාතාවන් බල ගැන්වීම.
  • ඔවුන් රටේ සංවර්ධන ධාරාවට එක් කර ගැනීම.
  • ආර්ථිකවශයෙන් ශක්තිමත් කිරීම.

ඉලක්කය

බස්නාහිර පළාතේ වෙසෙන වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තිරසාර ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන් හා සහසම්බන්ධ කිරීම තුළින් ඔවුන්ට ස්වශක්තියෙන් නැගී සිටීමේ පරිසරය ගොඩ නංවා දීම

2019.09.20 – වැන්දඹු දිරිය මාතා ව්‍යාපෘතිය

සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් අඩුආදායම්ලාභි වැන්දඹුවන්ගේ ආදායම් වර්ධනය කිරිම සදහා විවිධ ව්‍යාපාති ක්‍රියාත්මක කරන අතර එහි එක් වැඩසටහනක් ලෙස සමාජසත්කාරක සතියට සමගාමිව ක්‍රියාත්මක වන වැන්දඹු දිරියමාතා වැඩසටහන හදුනාගත හැක. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ  දැනට සුළු වශයෙන් ස්වයංරැකියා ආරම්භ කර ඇති , තම ස්වයංරැකියාව දියුණු කර ගැනිමට අවශ්‍යතාවය සහිත  කණ්ඩායමක් සදහා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විමට කැලණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංස්කාතික මධ්‍යස්ථාන ශාලාවේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම ඔවුන් දිරිගැන්වීම උදෙසා අවශ්‍ය පහසුකම් සැලසිමට බලාපොරොත්තු වේ. පුහුණු වැඩසටහනින් අනතුරුව තම ස්වයං රැකියාව සාර්ථකව පවත්වා ගැනිමට අපේක්ෂිත පුද්ගලයින් හදුනාගෙන ඔවුන් සදහා අවශ්‍ය මුල්‍යාධාර , ස්වයංරැකියාව සාර්ථක කර ගැනිමට අවශ්‍ය පුහුණු හා වැඩමුළු සදහා යොමුකිරිම මෙන්ම අවශ්‍ය ණය පහසුකම් අවස්ථා හදුනාදිම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. එමෙන්ම තෝරා ගන්නා ලද කණ්ඩායම සදහා ව්‍යවසායකත්ව පුහුණු  යටතේ ඇසුරුම්කරණය,  අලෙවිකරණය, තත්ත්වය හා ප්‍රමිතිකරණය, සහ ව්‍යාපාරික නිතිරිති පිළිබද සැසි කිහිපයක් පවත්වමින් ඔවුන්ගේ ස්වයංරුකියාව සාර්ථක කර ගැනිමට අවශ්‍ය පසුවිපරම් කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වේ.