අත හිත ව්‍යාපෘතිය

දැක්ම : විශේෂ හැකියා සහිත පුද්ගලයින්ට ස්වශක්තියෙන් නැඟී සිටීමට පරිසරය ගොඩ නැඟීම.

හැඳින්වීම

suwa_sewanaවැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත නිවාස හා රෝහල් වල සිටින නේවාසිකයන් සඳහා දාන මාන දීම, ශ්‍රමදාන පැවැත්වීම හා ආබාධිත දරුවන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම සදහා නිෂ්පාදන අලෙවිසැල් ව්‍යාප්ත කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දීම.

අරමුණු

  • අසරණ පිරිස් වෙත පිහිට වීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම.
  • සමාජය තුළ සාමාජීය ගැටළු පිළිබඳ අවබෝධයක් ලබාදීම හා ඒ පිළිබඳව සලකා බැලීමට පෙළඔවීම.
  • අසරණ පිරිස් වෙත සහන සැලසීමට සමාජය බල ගැනිවීම.
  • අත හිත වැඩසටහන ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව විවිධ පුද්ගලයින්, ස්වේච්ඡා සංවිධාන සහ විවිධ ආයතන වැඩිහිටි නිවාස, ආබාධිත නිවාස සහ ළමා නිවාස වෙත මිල මුදලින්, ආහාර පානාදියෙන් සහ ශ්‍රම දායකත්වයෙන් සහය දැක්වීමට ඉදිරිපත්ව ඇත.
  • විශේෂයෙන්ම බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙත් සෙවණ , මිත් සෙවණ සහ සෙත් සෙවණ යන නිවාස තුන සඳහා විවිධ ආහාර පාන , රෙදි පිළි, වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් උපකාර ලැබී ඇති අතර එම කටයුතු අඛණ්ඩව ඉදිරි වර්ෂයන්හි දී ද සිදු කිරීමට ගිවිස ගෙන ඇත.

ඉලක්කය

බස්නාහිර පළාතේ වෙසෙන අනාථ අසරණ මිනිසුන් සමාජය විසින්ම රැකබලා ගන්නා සහජීවනයෙන් පිරි සමාජයක් නැවත ප්‍රති නිර්මාණය කිරීම.

අතහිත ව්‍යාපෘතිය 2019.09.17

ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ සංවිධාන මගින් ආබාධ සහිත වූවන් සඳහා නිවාස 20ක් පමණ පවත්වාගෙන යනු ලබන අතර ආබාධ සහිත දරුවන් මෙන්ම විවිධ ආබාධ සහිත විවිධ වයස් කාණ්ඩයේ පුද්ගලයන් ඒ අතර වෙති. මෙවර සමාජ සත්කාරක සතියට සමගාමීව ක්‍රියාත්මක වන අතහිත වැඩසටහන යටතේ නිවාසගත ආබාධ සහිත වුවන් සහ ඒ සඳහා ක්‍රියාත්මක සංවිධාන ඉලක්කගත කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්වය හා කායික මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා රසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්විමට බලාපොරොත්තු වේ.එහිදී ඔවුන්ගේ  කලා කුසලතා එලිදැක්වීම මෙන්ම ඔචුන් ඇගයීමට ලක් කිරීමට අවස්ථාව සලසා ගැනීමට යෝජිතයි. ඒ අනුච ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ නියෝජනය කරමින් මෙම වැඩසටහන 2019.09.17 දින පැවැත්වීමට බලාපොරොත්තු වේ.