ආබාධිත දින සැමරුම් උත්සවය -2019

ආබාධිත පුද්ගලයන්ගේ දක්ෂතා එළි දක්වමින් , 2019.12.03 වන දින ග්‍රීන්පාත් නව නගර ශාලාවේදී පෙ.ව.10.00 සිට ප.ව.12.00 දක්වා ආබාධිත දින සැමරුම් උත්සවය  බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ චන්දිමා දිසානායක මහත්මියගේ උපදෙස් පරිදි දෙපාර්තමේන්තුව  අති උත්කර්ෂවත් අන්මින් පවත්වන ලදී.

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබ‍ඳ අමාත්‍යංශයේ ලේකම් එච්.ජී.ජී.ජේ.ධර්මසේන මහතා ඇතුළු සම්භාවනීය රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී.

අවුරුදු 12ට අඩු, අවුරුදු 12-18 අතර හා අවුරුදු 18ට වැඩි වයස් කාණ්ඩ යටතේ ,  දෘශ්‍යාබාධිත, චලනාබාධිත, මනස සෙමෙන් වැඩෙන ,කථනාබාධිත, ශ්‍රවණාබාධිත, ඔටිසම්, මානසික රෝගී යන ආබාධිත  වර්ගීකරණ යටතේ  පැවැත්වූ අත්කම් නිර්මාණ, චිත්‍ර, ගද්‍ය රචනා සහ පද්‍ය රචනා, ගායනා සරල ගී, ශාස්ත්‍රීය නර්තනය, නව නිර්මාණ නර්තන, ජන නැටුම්, ශාස්ත්‍රීය වාදනය, ව්‍යවහාරික සංගීතය ආදී  තරඟ ඉසව්  105 කින්  ප්‍රථම ස්ථාන ලද  ජයග්‍රාහකයන් 150  ක් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමද එදින අති උත්කර්ෂවත් අන්මින් පවත්වන ලදී.