පුවත්
- පළාතේ වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත් වැඩිහිටි බල මණ්ඩලය පිහිටුවීමේ නිලවරණය 2024.03.28 දින පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පසුගිය බල මණ්ඩල නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත් කරනු ලැබීය.
- බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.
- ජාත්‍යාන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන වැඩිහිටි තරගාවලිය 2023 ට අදාලව පැවැත්වීමට නියමිත සරල ගී ඒකල මුලික හඩ පරීක්ෂණ වැඩසටහන් 2023.07.29 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී සහ 2023.08.04 වන දින කළුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධන සේවා මධ්‍යස්ථානයේදී පවැත්වේ.