2019 බස්නාහිර පළාත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රීඩා තරගාවලිය

බස්නාහිර පළාතේ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් හඳුනාගෙන ඔවුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කොට ඵලදායි ජිවිතයක් ලබා දීම සඳහා ධාරිතා සංවර්ධන, නායකත්වය, දරාගැනීම, මිත්‍රත්වය, ඉවසීම, සාමුහික බව ආදී ගුණාංග වර්ධනය කොට පිරිපුන් සවිමත් ප්‍රජාවක් දොරට වැඩිම බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අරමුණ කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය හත්වන වරටත් පළාත් තරගාවලිය 2019 ජුලි මස  25 දින සුගතදාස ක්‍රිඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී .