ලේ දහදිය වගුරවා මේ රට, දැය සමය ගොඩ නැගීමට උර දුන්, කුමන හෝ සාමාජීය, ආර්ථික ව්‍යසනයකට ලක්ව හව්හරණක් නොමැතිව අසරණභාවයට පත් මමව්වරු, පියවරු සමාජයට ගැටළුවක් නොවන පරිද්දෙන් ආයතන ගත කොට ඔවුන්ගේ පෝෂණය, ආරක්ෂාව හා රැකබලා ගැනීම මෙන්ම සහජ කුසලතා අනුව නිෂ්පාදන ක්‍රියාවලියට නියුතු කරවීමත් ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය හා යහපත් සෞඛ්‍ය පවත්වාගෙන යාම අපගේ මෙහෙවරයි.
අසරණ, රැකවරණය අහිමි වැඩිහිටියන්ගේ සුභසාධනය සඳහා 1956 වර්ෂයේ මෙම නිවායේ ආරම්භ කරණ ලදි. මෙම නිවාසයේ බස්නාහිර පළාත තුළ අසරණභාවයට පත් වැඩිහිටි ගැහැණු හා පිරිමි නේවාසිකයින් 249 පමණ තම සැදෑ සමය ගෙවමින් රැකවරණය ලබති. මෙම වැඩිහිටියන්ගේ මානසික, අධ්‍යාත්මික සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ධර්ම දේශනා පැවැත්වීම හා ඔවුන්ගේ රසඥතාව දියුණු කිරීම සඳහා විවිධ සංගීත වැඩසටහන් පැවැත්වේ.
තවද බාහිර ප්‍රජාව සම්බන්ධ කරන සුහදතාවය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.