හැඳින්වීම

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව

1948 සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භ වී මෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක වල කච්චේරි සංකීර්ණ ආශ්‍රිතව සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් විශේෂ සමාජ සේවා අංශයක් ප්‍රතිලාභී ජනතාවගේ සුභසාදන කටයුතු පහසු කිරීමේ අරමුනින් පවත්වා ගෙන යන ලදි.

1987 වර්ෂයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයෙන් පසුව පළාත් සභා ක්‍රමය ආරම්භ වී මෙම පරිපාලන දිස්ත්‍රික්කවල බලය පළාත් සභාව මූලික කර ගනිමින් කේන්ද්‍රගත විය.

මේ අනුව බස්නාහිර පළාතේ කොළඹ වේල්ල වීදියේ පැවති කච්චේරි සංකීර්ණයේ සමාජ සේවා අංශය 1989 වර්ෂයේ දී බස්නාහිර පළාත් සමාජ‍ සේවා දෙපාර්තමේන්තුව වශයෙන් ස්ථාපිත විය. ආරම්භයේදී මෙහි අධ්‍යක්‍ෂ ධූරය ප්‍රමිලා විතාන මහත්මිය විසින් දරණ ලදි. මෙම කාල වකවානුවේදී එක් සමාජ සේවා නිලධාරියෙක් ඇතුළුව කාර්ය මණ්ඩලය 10ට ආසන්න ප්‍රමාණයක් සිටි බව සදහන් වේ.

පළාත්සභා ක්‍රමය ආරම්භවීමත් සමගම රේඛීය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් එතෙක් ක්‍රියාත්මක වූ සුභසාධන කටයුතු පළාත් පාලනය යටතේ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක කිරීමට බලය පැවරින. ඒ අනුව මහජනාධාර, අනියම් සහනාධාර , ආබාධිත හා වැඩ්හ්ට් නිවාස සඳහා නඩත්තු ආධාර , යාථායෝග්‍යාධාර, ආබාධිත උපකරණ ( කිහිලි කරු, රෝද පුටු, ‍ත්‍රෛයිසිකල්, ශ්‍රවන උපකරණ, ඇස් කණ්නාඩි……. ආදිය) පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු වැය ශීර්ෂ යටතේ, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. ප්‍රමිලා විතාන මහත්මියගෙන් අනතුරුව බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධූරය සඳහා දයා පීරිස් මහත්මිය පත්වන ලදි.

කාලයාගේ ඇවෑමෙන් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධූරය එස්.කේ. වීරතුංග මහත්මිය භාරගන්නා ලදි. එතුමිය බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තෙවන අධ්‍යක්‍ෂ වරිය වශයෙන් රාජකාරි බාරගැනීමෙන් පසු 138 බස් මාර්ගයේ වැල්ලවත්තේ පිහිටි රෙදි මෝල අසල (වටරවුම් බෝධිය ඉදිරිපිට) බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු කාර්යාලය වශයෙන් මූලස්ථාන කරගෙන රාජකාරී කටයුතු ක්‍රියාත්මක කරන ලදි. මෙම කාල වකවානුවේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය 15 ක් වූ අතර අළුතින් සමාජ සේවා නිලධාරීන් 15 ක් බදවා ගත් බව සඳහන් වේ.

අනතුරුව එළබෙන්නේ ජී.එස්.කේ.කන්නන්ගර මහතා අධ්‍යක්‍ෂ ධූරය හොබවන කාලයයි. මෙතුමා 1997.02.02 දින සිට 2001.03.04 දින දක්වා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්මේන්තුවේ අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කරන ලදි. එම කාලයේ වැල්ලවත්ත රෙදිමෝල අසල වටරවුම බෝධිය ඉදිරිපිට පැවති සමාජ සේවා දෙපාර්තමේන්තුව කාර්යාලය බම්බල පිටිය සියෙස්ටා ගොඩනැගිල්ලට ගෙනයන ලදි. (1999 මැයි මාසයේ) බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්මේන්තුවේ සමාජ සේවා නිලධාරීන් 20 වැඩි පිරිසක් බදවා ගන්නා ලදි. (උපාධිධාරී අභ්‍යාසලාභී වශයෙන් – ලිඛිත පරීක්‍ෂණයකින් තොරව) බස්නාහිර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ අංශයක් වශයෙන් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්මේන්තුව වෙන් කර, වෙනම ගිණුම් කටයුතු පවතත්වාගෙන යාම ආදිය වශයෙන් විධිමත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භවිය.මෙම වකවානුවේම දෙපාර්තමේන්තු කාර්යාලය නාරහේන්පිට, නාවල “ටකාශි” ගොඩනැගිල්ලට ගෙන එන ලදි. එමෙන්ම සමාජ සේවා නිළධාරීණී ප්‍රියානි සුසන්තා මහත්මියගේ විශේෂ සහයෝගයද ඇතිව බෙල්ලන්තර මිත් සෙවන රජයේ විශේෂිත ආබාධිත ගැහැණු ළමා නිවාසය ආරම්භය, සෙත් සෙවන වැඩිහිටි නිවාසය, ගංගොඩවිල මෙත් සෙවන රජයේ නිවර්තන නිවාසය සඳහා ද වැඩි අවදානයක් යොමු විය.වැන්දඹු මවිවරුන් සඳහා සුවශක්‍ති මාතා වැඩසටහන ආරම්භ වූ අතර එවකට සිටි ගරු අමාත්‍ය විරන්ත ප්‍රනාන්දු මැතිතුමාගේ විශේෂ අනුග්‍රහය ලැබිණ.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්මේන්තුවේ පස්වන අධ්‍යක්‍ෂ වරයා වශයෙන් ජී.ඒ ඥානවීර මහතා පත්විය. එතුමාද බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උන්නතිය වුදෙසා කටයුතු කරන ලදි. අධ්‍යක්‍ෂ ජී.ඒ.ඤානවීර මහතාගේ ඇවෑමෙන් පසු බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්මේන්තුවේ පී.ඒ.ජයන්තා මහත්මිය අධ්‍යක්‍ෂවරිය ලෙස පත්වෙන ලදි.

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු කාර්යාලය බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාව‍තේ පිහිටි සභා ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ලට ගෙන එන ලදි. විශේෂයෙන් සමාජ සේවා ප්‍රඥප්ති සම්පාදනය කිරීම, මෙත් සෙවන, සෙත් සෙවන, මිත් සෙවන සඳහා අධිකාරීවරුන් බදවා ගැනීමට විවෘත තරඟ විභාගයක් පැවැත්වීම. අධිකාරීවරුන් සඳහා පරිපාලන  සේවයේ වැටුප් තලයක් ස්ථාපිත වීම. සමාජ සේවා නිලධාරීන් මාණ්ඩලික නිලධාරීන් ලෙස ලිඛිතව තහවුරු කර ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට දැනුම්දීම ආදී සුවිශේෂි කටයුතු රාශීයක් සිදු විය.

මේ සඳහා එවකට පළාත් සමාජ සේවා ගරු අමාත්‍ය මහේෂ් අල්මේදා මැතිතුමාගේ සහ අමාත්‍යංශ ලේකම් මල්සිරි ජේ. සෙනවිරත්න මහත්මියගේ මෙන්ම පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ගරු ලේකම් ඩී.ආර් සුභසිංහ මහත්මිය ගේ පූර්ණ ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන ලදි. කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවූ ගංවතුරින් අවතැන් වූ ජනතාවට ඒකාබද්ධව සමාජ සේවා දෙපාර්මේන්තුවේ අවශ්‍ය සේවා කටයුතු සිදු කිරීම, 2004 වර්ෂයේ සුනාමි ව්‍යවසනය සඳහා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ විශේෂ සහයෝගය ලබාදීම, ආබාධිත පුද්ගලයන් සඳහා කාලීන අවශ්‍යතාවය පරිදි නව්‍යතාවයෙන් (ප්‍රමිතියකින්) යුතු උකරණ ලබා දීම හා ප්‍රතිලාභීන්ට උපකරණ ලබාදීමේ පිලිවෙල පහසු කිරීම. විශේෂිත ආධාර, විශේෂ ශෛල්‍යකර්ම සඳහා ආධාර ලබාදීම ආදිය සමාජ සේවා ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

පි. ඒ ජයන්තා මහත්මියගේ අධ්‍යක්‍ෂධූර කාලය නිමවීමෙන් පසු 2007 සැප්තැම්බර් මාසයේ සිට ආචාර්ය ගාමිනී කාර්යවසම් මහතා එම තනතුරට පත් විය. කලා කාමීත්වයට මුල් තැන දෙමින්  වැඩිහිටි ගීතය සහ වැඩිහිටි කොඩිය නිර්මාණය කිරීම ආදී කටයුතු සිදුකරන ලදි. එමෙන්ම නිරිතාබීමානී, සුවඳ පද්ම ආදී කෘතිද සම්පාදනය කිරීමෙහි ලා කටයුතු කලේය. වසර 2ක් වැනි කාලයක් අධ්‍යක්‍ෂධූරය  හෙබවූ එතුමා විශ්‍රාම ගිය පසු එවකට සමාජ සේවා සහකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ එස්.අතපත්තු මහතා වැඩබලන අධ්‍යක්‍ෂධූරයට පත්විය.

2010.02.01 දින වන විට අතපත්තු මහතාගෙන් පසුව ක්‍රිෂාන්ති කාරියවසම් මහත්මිය අධ්‍යක්‍ෂ ධූරයේ  මාස කිහිපයක් රැදී සිටියාය. ඉන් අනතුරුව 2010.06.23 වන දින අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු ආරම්භ කරමින් සුවිශාල මෙහෙවරක් සිදු කරන ලදි. එම වකවානුව තුළ එනම් 2011.03.09 දින සිට සමාජ සේවා දෙපාර්තමේන්තුව 229, දෙපානම, පන්නිපිටිය යන ස්ථානයේ ස්ථාපිත කරන ලදි. එමෙන්ම සේවක පිරිසේ ප්‍රමාණය ද ඉහළ ගිය අතර, ඒ අනුව සමාජ සත්කාරක වැඩසටහන් බොහෝමයක් ආරම්භ කර වඩා ගුණාත්මක හා ඵලදායී සේවයක් ඉටු කරන ලදි. සෙත් සෙවන, මෙත් සෙවන , මිත් සෙවන ආයතනය කාළානුරූපව වෙනසකට භාජනය කිරීම. ක්‍රිඩා, නාට්‍ය, කලා, දැනුම් මිනුම්, රසවින්දනය, සොදුරු පවුල ගොඩනැගීම, අවාසි සහගත පුද්ගලයන්ට පිලිසරන, ප්‍රජා සහභාගීත්වයෙන් නිවාස ගොඩනැගීම, ප්‍රජා දායකත්වයෙන් රටේ සංවර්ධනය ඇතිකිරීම සහ රාජ්‍ය වියදම් මුදල් අවම කිරීම ආදීයට විශේෂ අවධානය යොමුකරන ලදි. (සුව සෙවන, අතහිත, අසරණ සරණ, වැන්දඹු දිරිය මාතා, දූ පුතු මා පිය සරණ, රන් ඳා බිඳු, අපේ සොඳුරු පවුල යන ව්‍යාපෘති)

එසේම විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රීඩා උළෙල, සංස්කෘතික උළෙල හා වැඩිහිටි දින වෙනුවෙන් වැඩිහිටි සංස්කෘතික තරඟාවලිය ආදී සුවිශේෂි ව්‍යාපෘති ආරම්භ කර ඉතා සාර්ථකව නිම කිරීමෙන් සමාජය තුළ සිටින වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ කායික හා මානසික සංවර්ධනයට මනා බලපෑමක් කොට ඔවුන්ට සමාජගත වීමට දිරිය දුණි. සමාජ සේවා නිළධාරී මෙත් සෙවන, මිත් සෙවන , සෙත් සෙවන ආයතනයන්ගේ සේවක සේවිකාවන්ගේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිළධාරීන් ආකල්ප බැහැර කරමින් නව පිබිදීමකින් යුතුව, ක්‍රියාකාරී ධනාත්මක සිතුවිලි වලින් හෙබි සේවා කණ්ඩායමක් බවට පත් කිරීමට මහත් වෙහෙසක් දැරීය. එමෙන්ම දෙපාර්තමේන්තුවේ අක්‍රමවත්ව පැවති සේවා කටයුතු විධිමත් කිරීම, ගණකාධිකාරී තනතුරක් අනුමත කර ගැනීම / බඳවා ගැනීම, සංවර්ධන සහකාර / උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කිරීම, සමාජ සේවා නිළධාරීන්ට යතුරු පැදි ලබා දීම, දෙපාර්තමේන්තු කටයුතු / සේවා කටයුතු සදහා ඇස්තමේන්තු සම්පාදනය කිරීම, අවශ්‍ය පරිදි ප්‍රතිපාදන වෙන් කර ගැනීම, සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් හෙබි නව සමාජ මෙහෙවරක් සඳහා යොමුවීම. සම්පත් දායකයින් සමඟ ඒකාබද්ධ ප්‍රවේශය, සාකච්ඡා කර තීරණ ගැනීම, සමාජ සේවා නිළධාරීන්ගේ විෂය පථය පුළුල් කිරීම සහ අධ්‍යාපනය සඳහා අවස්ථා සලසා දීම, දෑ අවුරුදු, පස් අවුරුදු සැලසුම් සම්පාදනය හා ඒ අනුව කටයුතු කිරීම.

සමාජ සේවා නිළධාරීන්ගේ පරිකල්පන ශක්තිය අවධි කර සමාජ විද්‍යාත්මක සමාජය අධ්‍යනය කරමින්, මානව විද්‍යා විෂයට නැඹුරු වෙමින්, ව්‍යාපෘති, සමීක්‍ෂණ, පර්යේෂණ, සමාජ කතිකාවත, අපි සඟරාව, මාධ්‍ය සඟරාව, ප්‍රචාරණ, අන්තර්ඡාලය, විද්‍යුත් තැපෑල, ෆේස්බුක්, නව තාක්‍ෂණික ක්‍රමවේදයන් භාවිතය වැඩි දියුණු කිරීම, කණ්ඩායම් සංකල්පය ඇති කිරීම, පරිත්‍යාග, දානමාන සම්පත් දායකත්ව හා අනුග්‍රහ පුළුල් කිරීම, මිලදී ගැනීම් හා මිලදී ගැනීම් කමිටු, ටෙන්ඩර් පරිපාටිය, ගබඩා සංකීර්ණය ක්‍රමවත් කිරීම ආදිය මෙන්ම නව ආබාධිත උපකරණ සහ එහි ගුණාත්මක භාවය හා උපකරණ සංචිත පිළිබඳ මුල්තැන දීමේ කටයුතු ඇතුළු, ලිපි ගොනු, සමාජ සේවා නිළධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ගෙන්වා ගැනීම, මෙහෙයුම් මැදිරි ආරම්භ කිරීම, විවිධ සාහිත්‍ය කෘති, සමාජ සේවා තේමා ගීතය රූගත කිරීම, ගාථා, උපදේශන, අත් පත්‍රිකා, කැසට් තැටි ආදිය සහ සංස්කෘතිය, සභ්‍යත්වය, හෙල ආර, නැති වී ගිය සමාජ ගුණධර්ම ශ්‍රි ලාංකීය සමාජය තුළ ස්ථාපිත කිරීම, දෙපාර්තමේන්තු – අභ්‍යන්තර චක්‍රලේඛ සම්පාදනය, බස්නාහිර පළාත තුළ වැඩිහිටි දිස්ත්‍රික්, පළාත් බල මණ්ඩල ස්ථාපිත කිරීම, වැඩිහිටි ප්‍රජා නායකත්වය සහ සමාජ විපර්යාසය මෙන්ම යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ව්‍යාපෘති මෙහෙයවීම, සමාජ සත්කාරක සතිය, ප්‍රජා නායකයින් සහ සමාජ විපර්යාසය මෙන්ම යහපැවැත්ම උදෙසා වග වීම, වගකීම, විනය, ක්‍රියාශිලී – කාර්ය ශූරබව, ආදර්ශමත් බව ආදිය රාජ්‍ය සේවයේ ප්‍රතිමූර්තිය දීප්තිමත් කිරීමට ඇපකැපවී කටයුතු කරන ලදි. මෙම කටයුතු අති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරීමෙහි ලා පරිවාස හා සමාජ සේවා බස්නාහිර පළාත් ගරු අමාත්‍ය ජගත් අංගගේ මැතිතුමාගේ පූර්ණ දායකත්වය සහ මග පෙන්වීම් මහා ප්‍රාඥයකු සේ දැරීය. මේ සා විශාල සේවයක් කළ එතුමිය 2013.05.09 දින පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සමුගෙන රේඛීය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස එක්වූයේ පළාත් සමාජ සේවා විෂය නව මුහුනුවරකට පරිවර්තනය කරමිණි.

2013.05.09 න් පසු නව අධ්‍යක්‍ෂ ලෙස බී.එච්.සී.ශිරෝමාලි මහත්මිය පත්වූ අතර, එතුමිය ද ඒ සිට මේ දක්වා ඉතා සාර්ථක හා පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ වන විට සමස්ථ  දෙපාර්තමේන්තු සේවක සංඛ්‍යාව 275ක් පමණ සිටින හෙයින් සමාජ සේවා කටයුතු ඉතා පහසු හා කාර්යක්‍ෂමව සේවාදායකයින්ට ලබා දීමට හැකි වී තිබේ. එසේම මෙතෙක් පවත්වා ගෙන ආ ආබාධිත ක්‍රීඩා උළෙල, සංස්කෘතික උළෙල, වැඩිහිටි දින උළෙල ආදී ව්‍යාපෘති වඩා නිර්මාණාත්මකව හා නවආරකට සිදු කිරීමට මෙතුමියගේ සංකල්පනා මනා පිටුවහලක් විය. එසේම තව තවත් නව ව්‍යාපෘති ආරම්භ කරමින් අවාසි සහගත ජනතාව වෙනුවෙන් කැපවීමට, ඇය නොපැකිලිව කටයුතු කරමින් සිටී.