ආධාර හෝ උපකරණ ලබාගන්නා පියවර

  1. තම ප්‍රදේශයට අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙහි සිටින සමාජ සේවා නිළධාරි හමුවන්න.
  2. ඔවුන්ගෙන් ඔබේ අවශ්‍යතාවය අනුව අයදුම්පත ලබාගන්න.(නැතහොත් වෙබ් අඩවිය හරහා බා ගත කරගත හැක.)
  3. අයදුම්පත පුරවා ග්‍රාමසේවා නිළධාරි ගෙන් සහතික කරවා ගන්න.
  4. එම අයදුම්පත සමඟ ඔබගේ අවශ්‍යතාවයට  අනුව අවශ්‍ය ලියවිලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිළධාරියාට භාර දෙන්න.
  5. ඔවුන් එම අයදුම්පත පිරික්සා ඔබගේ තොරතුරු නිවැරදි සොයා බැලිමටත් ආධාර හා සේවා ලබාදීමට ඔබ සුදුසු දැයි පරික්ෂා කිරිමට ස්ථාන පරික්ෂාවක් කරනු ලබයි.
  6. ඔබට ආධාර හෝ උපකරණ හෝ සේවා ලබාදිමට සුදුසුකම් ලබයි නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් ඔබ වෙත එවනු ඇත.
  7. පසුව එම ආධාර හෝ උපකරණ ඔබ ප්‍රදේශයට අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ සමාජ සේවා අංශයෙන්  ලබා ගත හැක.

අයදුම්පත්‍ර

අංකයආධාර හෝ උපකරණබාගත කරගැනීම
1මහජනාධාර
2රෝගාධාර - තැලසීමියා , ක්‍ෂය රෝගය, පිලිකා සහ ලාදුරු
3රෝගාධාර - විශේෂ ශල්‍යකර්ම සහ ආධාර වකුගඩු ආධාර
4පෝෂනාධාර සහ වෛද්‍ය ආධාර
5විශේෂ ආධාර (වැඩිහිටි හා අබාධිත නිවාස සඳහා)
6අධ්‍යාපන ආධාර
7උපකරණ