සුව සෙවන නිවාස ව්‍යාපෘතිය

දැක්ම : සැමට සුව නිවසක්

හැඳින්වීම

suwa_sewanaබස්නාහිර පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් අඩු ආදායම්ලාභීන් තෝරා ඔවුන්ට අඩු වියදම් සහිව අනුග්‍රාහක පදනම මත ඉදි කරන නිවාස ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ‍මෙම නිවාස ප්‍රතිලාභීන් ‍තෝරා ගැනීමේදී අඩු ආදායම්ලාභී, නිවසක් හිමි, නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් සහිත අයෙකු විය යුතු අතර වැන්දඹු අයෙක් නම් හා ආබාධිත අයකු පවුලේ සිටි නම් හා ඉගෙන ගන්නා ළමුන් සිටි නම් වැඩි ප්‍රමුඛතාවය දෙනු ලැබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම නිවාස ඉදි කිරීමට බලාපොරොත්තුවේ.

අරමුණු

  • ස්ථීර නිවාසයක් හිමි වීම තුළ තෘප්තිමත් ජීවියක් ලැබීම හා ඒ හරහා ස්ථීර ආදායම් මාර්ග වෙත යොමු කර රටේ සංවර්ධනයට ඔවුන් දායක කරවීම.
  • නිවසක් නොමැතිවීම නිසා මතුවන ගැටළු අවම කර නිරතුරුව පවුල් සංස්ථාව ශක්තිමත්ව ගොඩනැඟිය හැකි පරිසරයක් ඇති කරලීම. (*එක් නිවසක දළ වටිනාකම රු.ලක්ෂ 10 කි.)

ඉලක්කය

බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී නිවාස අහිමි සැමට අනුග්‍රාහක පදනම මත නිවාස ලබා දීමට අවශ්‍යය කටයුතු කිරීම.

2017.09.17 – සුවසෙවන ව්‍යාපෘතිය

අඩුආදායම්ලාභී අවාසිසහගත පුද්ගලයින්ගේ නිවාස වල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් වාර්ෂිකව අප දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අතර සංකේතාත්මකව එක් නිවසක් උත්සවාකාරයෙන් භාරදීමේ කටයුතු මෙදින සිදුකරන ලදී. ඒ අනුව, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෑළඹ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි බන්දුලතා මල්ලවආරච්චි මහත්මියගේ නිවස තුළ පහසුකම් වැඩිදියුණු කරමින් නිවස ඔවුන් වෙත භාරදීමේ සිදුකරන ලදී.