2017 බස්නාහිර පළාත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ විලාසිතා දැක්ම

විශේෂ අවශ්‍යතා සහිත වූවන් පිළිබඳව සමාජයේ පවතින දුර්මතයන්ට ප්‍රතිවිරුද්ධව යමින් ඔවුන්ද සමාජය විසින් සමානාත්මතාවයෙන් යුතුව පිළිගත යුතු සමාන අවස්ථා හා සැලකීම් ලැබිය යුතු සොඳුරු ප්‍රජා කණ්ඩායමක් බවට වන යහ ආකල්ප සමාජගත කිරීම අරමුණු කරගෙන වාර්ෂිකව දෙසැම්බර් 03 වන දාට යෙදෙන විශේෂ අවශ්‍යතා සහිත වූවන් (ආබාධ සහිත වූවන්) සඳහා වන ජාත්‍යන්තර දිනය සැමරීම උදෙසා මෙවර මෙම දෙපාර්තමේන්තුව විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ විලාසිතා දැක්මක් නොවැම්බර් මස 30 වන දා ප.ව 3.00 සිට ප.ව 6.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීය.

මෙම විලාසිතා දැක්මේදී විලාසිතා නිරූපණය කරන්නන් ලෙස දෘශ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත, බුද්ධිමය ආබාධිත, චලනාබාධිත දරුදැරියන් හා යෞවන යෞවනියන් තිස්දෙදෙනෙකු ඉදිරිපත් විය. මේ සඳහා සම අන්‍රග්‍රාහකත්වය MAS ආයතනය මඟින් සිදු කරන ලදි.