විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රිඩා උලෙල

බස්නාහිර පලාත තුල සිටිනා වූ විශේෂ අවශ්‍යතා සහිත වූවන් අතුරින් අඩුම සමාජ වාසී ලබන හා සමාජීය අවස්ථාවන් අඩුම වූවන් හට ක්‍රිඩා විශයේ හැකි වුපරිම අවස්ථාවන් සලසා දීම ප්‍රධාන අරමුණය. බස්නාහිර පළාත තුල විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා පවත්වන මෙම ක්‍රිඩා උළෙල ඉසව් 514 යුක්ත වන අතර ආබාධ වර්ග 15ක් සහභාගි විය හැකි හා වයස් කාණ්ඩ 5 ක් වර්ගකර ඇත. මේ සඳහා අයදුම්පත්‍ර ප්‍රාදේශිය ලේඛම් කාර්යාල සමාජ සේවා නිලධාරීන් වෙත යොමුකර ඇති අතර අයදුම්පත් පුරවා සමාජ සේවා නිලධාරීන් වෙනම නැවත බාරදිය යුතුය.

වයස් කාණ්ඩයන්

  • අවු 12 ට අඩු පූර්ව කනිෂ්ඨ කාණ්ඩය
  • අවු 12 ට වැඩි 15 ට අඩු කනිෂ්ඨ කාණ්ඩය
  • අවු 15 ට වැඩි 18 ට අඩු ජ්‍යොෂ්ඨ කාණ්ඩය
  • අවු 18 ට වැඩි පශ්චාත් ජ්‍යෙෂ්ඨ කාණ්ඩය
  • විවෘත කාණ්ඩය (වයස් සීමාවක් නැත)

ආබාධ වර්ග

    1. පූර්ණ අන්ධ (B1)
    2. අල්ප දෘෂ්ඨික (B2)
    3. ශ්‍රවන ඌනතා / කථනාබාධ (DEAF)
    4. බුද්ධි ඌනතා (MR)
    5. මානසික රෝග ( අවු:18 වැඩි)
    6. ඔට්සම් (Auti)
    7. ඉනෙන් පහල අප්‍රාණික, එක් පාදයක් අහිමි හා අනෙක් පාදය අප්‍රාණික, පාද දෙකම අහිමි.
    8. එක් පාදයක් දණහිසට ඉහලින් අහිමි (A/K)
    9. එක් පාදයක් දණහිසට පහලින් අහිමි (B/K)
    10. දණහිසට පහලින් පාද දෙකම අහිමි (W/K)
    11. එක් පාදයක් පමණක් අප්‍රාණික  (O/L)
    12. එක් අතක් වැලමිට පහලින් හෝ ඉහලින් අප්‍රාණික (O/H)
    13. දෑත සම්පූර්ණයෙන් අහිමි හෝ අප්‍රාණික (W/H)
    14. පෝලියෝ ( POLI )
    15. ශරීරයේ උස සෙන්ටි මීටර් 145ට අඩු පුද්ගලයන් (DWA) ( වයස 18 වැඩි අයට පමණි)

2017 බස්නාහිර පළාත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රීඩා තරගාවලිය

බස්නාහිර පළාතේ විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් හඳුනාගෙන ඔවුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කොට ඵලදායි ජිවිතයක් ලබා දීම සඳහා ධාරිතා සංවර්ධන, නායකත්වය, දරාගැනීම, මිත්‍රත්වය, ඉවසීම, සාමුහික බව ආදී ගුණාංග වර්ධනය කොට පිරිපුන් සවිමත් ප්‍රජාවක් දොරට වැඩිම බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අරමුණ කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය හත්වන වරටත් පළාත් තරගාවලිය 2017 මැයි 18 මස  දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී .

පළාත් ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650ක් සහභාගී වුහ.තරග ජයග්‍රහකයන් සඳහා රන්, රිදී, ලෝකඩ පදක්කම් සහ සහතික පත් පිරිනමන ලදී.