වැන්දඹු දිරිය මාතා වැඩසටහන

දැක්ම : වැන්දඹු දිරිය මාතාවන්ට ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීම.

හැඳින්වීම

asarana_sarana
වැන්දඹු දිරිය මාතාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන විවිධ තිරසාර වැඩසටහන් ආරම්භ කළ හැකිය. ස්වාමි පුරුෂයා නොමැතිවීම නිසා පවු‍ලේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල වැන්දඹුවන්ට යම් ආකාරයක ශක්තියක් ලබා දීමට බලාපොරොත්තු වේ.

අරමුණු

  • වැන්දඹු දිරිය මාතාවන් බල ගැන්වීම.
  • ඔවුන් රටේ සංවර්ධන ධාරාවට එක් කර ගැනීම.
  • ආර්ථිකවශයෙන් ශක්තිමත් කිරීම.

ඉලක්කය

බස්නාහිර පළාතේ වෙසෙන වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තිරසාර ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන් හා සහසම්බන්ධ කිරීම තුළින් ඔවුන්ට ස්වශක්තියෙන් නැගී සිටීමේ පරිසරය ගොඩ නංවා දීම

2017.09.20 – වැන්දඹු දිරිය මාතා ව්‍යාපෘතිය

අඩු ආදායම්ලාභී වැන්දඹු කාන්තාවන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් වශයෙන් කුඩා ඇඟළුම් හලක් ආරම්භ කිරීම මෙහිදි සිදුකරන ලද අතර පාසල් නිල ඇඳුම් මැසීම,කුඩා සහ මධ්‍ය  පරිමාණ ඇඟළුම් කර්මාන්තශාලාවල උප කොන්ත්‍රාත් ලබාගැනීම තුළින් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් වශයෙන් මෙම කුඩා ඇඟළුම්හල පවත්වාගෙන යාමට අපේකෂා කෙරේ