දේශිය ආහාර සංස්කෘතිව ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය

බස්නාහිර පළාත තුළ දේශිය ආහාර සංස්කෘතිය ව්‍යාප්ත කිරීම වැදගත් වන්නේ වර්තමාන සමාජයේ බස්නාහිර පළාතේ විශාල ලෙස දරුවන් රැකියාවල නිරත වන පවුල හා වැඩිහිටියන් විශාල ලෙස කෘතිම ආහාර වලට යොමු වීමක් දැකිය හැක මෙම කෘතිම ආහාර අනුභව කිරීම නිසා බහුලව පවතින පිළිකා, දියවැඩියා, කොලෙස්ට්‍රරෝල් වැනි රෝග වලට ගොදුරු වීමක් දැකිය හැක. සෑම මිනිසුන් 10 දෙනෙකුටම දියවැඩියා රෝගියකු සිටින බව ‍වෛද්‍ය මතය වී ඇත. මෙවන් තත්වයක් තුල ඉදිරි වර්ෂයන් තුලදී කෘතිම ආහාර සංස්කෘතිය සමග විශාල ලෙස ලංකාවේ ජනතාව බොහෝ රෝග සහ පිලිකා වැනි භයානක රෝග වලට ගොදුරු විය හැක. එහෙයින් ලංකාවේ අතීතයේ පැවති දේශීය ආහාර සංස්කෘතියට ජනතාව යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය

1. ආයුර්වේද රෝහල්වල

2. පාසල් ආශ්‍රිත කැන්ටින්

3. ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල දේශිය ආහාර ඇතුලත් ස්ටෝල් එකක් ( වෙළඳ කුටි) ඉදිරියේ දි ඇති කිරීම. මෙම ව්‍යාපෘතිය කිරීමේ දී තනි මා පිය කාන්තාවන් (වැන්දඹු කාන්තාවන්) වැඩිහිටියන් හා අඩු ආදායම්ලාභී පවුල් ප්‍රමුඛ කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පළමු අධියර ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් හා පාසල් වල කැන්ටින් වල දේශිය ආහාර විකිනීම හා ප්‍රාදේශිය ලේකම් කාර්යවල දේශිය ආහාර ඇතුලත් වෙළඳ කුටි වල දේශිය ආහාර අලෙවි කිරීම වේ.