සමාජ කතිකාවත

පුද්ගලයන් වශයෙන් තනි තනිව විසදාගත නොහැකි එනම් විසදීම සඳහා සමාජයේ සාමූහික ප්‍රයන්තයක් අවශ්‍යවන සමාජගත ගැටළු විශ්ලේෂණය කිරීම හා ඒ සඳහා විසදුම් සොයා යාමේ ප්‍රවේශයක් වශයෙන් බස්නාහිර පළාත් සමාජ‍ සේවා දෙපාර්තමේන්තුව සත්‍ය ගවේශී සමාජ කතිකාවත වැඩසටහන් සංවිධානය කරනු ලබයි. විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්, ගැටළු වලට පාත්‍ර වූවන් හා මහජනතාව එක්රැස් කරමින් කථිකා සභාවක් වශයෙන් මෙම වැඩසටහන පැවැත්වේ. 2012 වර්ෂයේ දී ආරම්භ කෙරුනු සමාජ කතිකාවත වැඩසටහන සාර්ථකව 2013 වර්ෂය පුරාද පැවති අතර, 2014 වර්ෂයේ දී නව මුහුණු වරකින් ක්‍රියාත්මක වූ අතර එය 2015 දක්වා ද ක්‍රියාත්මක විය.

පසුගිය කාලය පුරා පැවති සමාජ කතිකාවත වැඩසටහන් හීදී, විවිධ සමාජ ගැටළු වෙන් වෙන් වශයෙන් ගෙන සාකච්ඡාව සිදුවිය. එම සෑම ‍විශ්ලේෂණයක් අවසානයේදීම පෙනී යන ලද්දේ සමාජ ගැටළු වලට පුද්ගලයින් ගොදුරුවීම, පවුල් බිඳ වැටීම සහ අධ්‍යාපනයට සම්බන්ධ සීමාවන් හේතුවෙන් පැන නගින බවයි.

අධ්‍යාපනය පිළිබඳ කටයුතු සඳහා රාජ්‍ය ආයතන පවතී. එබැවින් පවුල් බිඳවැටීම කෙරෙහි අපගේ අවදානය යොමු වීම උචිත බව පෙනී ගියෙන් පවුලේ සමාජ, ආර්ථික හා ආධ්‍යාත්මික බිඳවැටීම කෙරෙහි මුල්වන සැබෑ සාධකය සොයා යමින්, ඒවා හදුනාගනිමින් සුදුසු වියදම් මාර%E

සමාජ කතිකාවත සිදුකරන්නාවූ ආකාරය

  1. බස්නාහිර පළාතේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකින්ම ගැටළු කාරීතත්වයන් පෙන්නුම් කරන ප්‍රදේශයක් පසුබිම් කොට පවුල් 25 ක් තෝරා ගැනීම.
  2. එම පවුල් 25 වෙත සමාජීය, ආර්ථික හා ආධ්‍යාත්මික වශයෙන් උසස් තලයකට ලගාවීම කෙරෙහි බාධාකාරීව පවතින සත්‍ය සාධක හදුනාගැනීම.
  3. එම සාධක විශ්ලේෂණයෙන් පවතින බාධාවන් ඉවත්කර ගැනීමේ මාර්ග හදුනාගැනීම.
  4. පවුල් කෙරෙහි බලපාන එම බාධාකාරී තත්වයන් ඉවත් කර ගැනීම සඳහා බැහැරින් අවශ්‍ය වන සහය හදුනා ගැනීම.
  5. රාජ්‍ය සම්පත් හා රාජ්‍ය නොවන සංවිධානයන් හි සම්පත් සම්බන්ධී කරගෙන එම පවුල් වෙත බැහැරින් අවශ්‍ය වන සහය ලබා දෙමින් පසු විපරම් කිරීම.
  6. වර්ෂ අවසානයේ දී එම පවුල් ‍ගොඩනැගීම පිළිබඳ තක්සේරුවක් කිරීම.
  7. ඒ ඔස්සේ පවුල් ගොඩනැගීම සඳහා අඛණ්ඩ විධිමත් වැඩපිළිවෙලක් හදුනාගැනීම.

2017 සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය

මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් සමාජ සේවා නිලධාරීන්, පුහුණුකරුවෙකු වශයෙන් පුහුණුකිරීම සඳහා තුන්දින පුහුණු වැඩමුළු 01 ක් සහ මුලතිව් ප්‍රදේශයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් 2017 වර්ෂයේදී පවත්වන ලදී. එමගින් ලබාගත් දැනුම ඔවුන් තෝරාගත් ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව යොදාගනිමින්  ස්වයං උපකාරක කණ්ඩායම් ගොඩනැගීම සහ ඒ තුළින් සමාජයේ අවාසිසහගත ප්‍රජාවට ස්ව ශක්තියෙන් නැගී සිටීම සඳහා නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදුවේ.