ගැබිණි මව්වරුන් සඳහා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.

බස්නාහිර පළාත තුල වෙසෙන ගැබිණි මව්වරුන්ගේ මෙන්ම කුස තුල සිටින දරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සංගීතමය භාවනාත්මක වැඩසටහන්, පැවැත්වීම මේ තුලින් සිඳුවේ.

පැරණි ගැමි සංස්කෘතිය, සභ්‍යත්වය හා සාරධර්ම ආර්ථික රටාව සමඟ බද්ධ වී සමාජීය වශයෙන් ජීවිතයේ සුපහන් බවක් මැනවින් පිළිබිඹු කරයි. ආර්ථික කටයුතුවල පැවති දුෂ්කරතාවයන්, විඩාව මගහරවා ගැනීමට කවි, ගීත, නැලවිලි ගී ආදිය තුලින් භාවාත්මක රස වින්දනයක් සඳහා සිත මෙහෙය වූ බව ගම්‍ය වේ.

විශේෂයෙන් අධ්‍යතන සමාජය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී සමාජයේ ඇති පීඩාකාරී බව, ආර්ථික හා ආහාර රටාවේ අවිධිමත් බව, සංගීතය හා ගායනා තුළ ඇති අර්ථ ශූන්‍ය කටෝර ධ්වනි, යුතුකම් හා වගකීම් වල සෘණාත්මක භාවය මැනවින් පිළිබිබු කරයි.

මෙවැනි ජන සමාජයක් තුළ ගර්භණී මව දරුවා පිලිසිඳගත් දිනයේ සිට දස මසක් කුස තුළ පෝෂණය කර මෙලොවට බිහිකිරීම දක්වා සහ දරුවාට වැඩෙන්නට ඇති න්‍යෂ්ටික පවුල, විස්තෘත පවුල, සමාජය, පරිසරය ආදී පිළිබඳ තෘප්තිමත් විය නොහැකිය.

මෙම නිසා ගර්භණී මව්වරුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් සමාජානුයෝජකයෙකු මෙලොවට සම්ප්‍රාප්ත වේ. එම පුද්ගලයාගෙන් සමාජය යහපත් ආනතියකට පරිවර්තනය වේ. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව දීර්ඝ කාලීන සමීක්‍ෂණ හා පර්යේෂණ තුලින් සමාජිය වශයෙන් පවතින මෙම ගැටළු සඳහා ගර්භණී මව්වරුන්ගේ මානසික තෘප්තිය වර්ධනය කිරීමෙහි ලා භාවාත්මක සංගීතය, කවි, නැලවිලි ගීත, අර්ථ පූර්ණ නිර්මාණ සහ දේශිය ආහාර සංස්කෘතිය සංවර්ධනය කිරීම පුරුදු පුහුණු කිරීම වඩාත් ඵලදායී බවය.