දේශිය ආහාර සංස්කෘතිව ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය

කායික හා මානසික වශයෙන් නීරෝගී වීම මිනිසකු සතු උතුම්ම සම්පතයි.නමුත් උපතින් හෝ හදිසි අනතුරක් හේතුවෙන් පුද්ගලයන් විවිධ ආබාධිත තත්වයන්ට ‍පත්විය හැක.මෙවැනි වූ විවිධාකාර ආබාධිත තත්වයන්ට පත්වීම හේතුවෙන් සිය දෛනික කටයුතු පවා කර ගැනීමට නොහැකි වූ පිරිසක් වර්තමාන සමාජය තුල ජීවත්වනු දැකිය හැක.සිය අබාධිතභාවය හේතුවෙන් රැකියාවක් කිරීමට හෝ වෙනත් මුදල් ඉපයීමේ මාර්ගයක් සඳහා යොමු වීමට නොහැකිව නිවසතුලම ඒකාකාරීව සිය ජීවිතය ගත කිරීමට සිදුවීම නිසා ඔවුන් මානසික ආතතීන්ට ලක්වීමේ අවධානමක් පවතී.මෙවැනි ගැටළුකාරී,පීඩාකාරී,හුදකලා තත්වයන් දුරුකර ඔවුන්ව සමාජගත කිරීම සඳහා ස්වයංරැකියා පුහුණු අත්වැලක් සැපයීම හා ඒ සඳහා යොමු කරලීම මගින්ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම මෙමගින් අපේක්‍ෂා කරයි. ඒ අනුව මෙම පුද්ගලයන් ආබාධිත ස්වරූපයන් අනුව පහත ස්වයංරැකියා සඳහා යොමු කෙරේ. .

බස්නාහිර පළාත තුල ආබාධ සහිත පුද්ගලයන් බොහෝ පිරිසක් ජීවත් වන අතර මින් බහුතරයක් පුනරුත්ථාපනය කළ හැකි අය වේ.මොවුන්ගෙන් බහුතරයකට ආර්ථික උත්පාදන කටයුතුවල නියැලීමේ හැකියාවක් පවතී. නමුත් මූල්‍යාධාර හා ණය පහසුකම් සපයා ගැනීම,ස්වයංරැකියා පුහුණුව, තොරතුරු සපයා ගැනීම, නිෂ්පාදන අලෙවි කිරීමේදී වෙළඳපොල අවස්ථා සලසා ගැනීම යන ගැටළුවලට මෙම පුද්ගලයන් ප්‍රායෝගිකව මුහුණ දෙනු ලැබේ. එබැවින් ඊට පිළියමක් ලෙස මූලිකවම මෙම පුද්ගලයන්හට ඔවුන්ගේ හැකියාවන් අනුව රැකියා අභිමුඛ පුහුණුවක් ලබා දී , අදාල රැකියාවන්හි නිරතවීමට අවශ්‍ය පහසුකම් සපයා එතුළින් ඔවුන්ව රැකියා සඳහා යොමු කිරීමට යෝජිතය .මේ හරහා බස්නාහිර පළාත තුල වෙසෙන ආබාධ සහිත පුද්ගලයන්ගේ ගැටළු අවම කර ,ජීවන තත්වය ඉහළ නංවාලීමට අපේක්‍ෂිතය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය මගින් මූලිකවම අදාල පුද්ගලයන්හට අවශ්‍ය පුහුණුව ලබා දීම සහ අදාල පුහුණුව සඳහා අවශ්‍ය වන්නා වූ පහසුකම් සපයා දීම සිදු කරනු ලැබේ. මෙහිදි උපයනු ලබන ආදායම මෙම පුද්ගලයන්හට ලබා දීමට නියමිතය. ඒ අනුව ආබාධිත ස්වරූපයන් අනුව රැකියා හඳුනාගෙන ඇත.

  1.  බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දිරි දරු පියස ආයතනය මේ වනවිට මනස සෙමෙන් වැඩෙන වයස අවුරුදු 12-30ත් අතර තරුණ තරුණියන් සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ තෝරාගත් පුද්ගලයන් 30 දෙනෙකු සඳහා ස්වයංරැකියා පුහුණුව ලබා දී , රැකියාවේ නියුක්ත කරවීමට අවශ්‍ය පහසුකම් සපයා ඔවුන්ව ආර්ථිකව ශක්තිමත් කිරීම අපේක්‍ෂා කෙරේ. මෙහි මූලික අදියර ලෙස රැකියා අභිමුඛ පුහුණුවක් ලබාදීම සහ එම පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම සිදු කෙරේ. මෙහිදී උපයනු ලබන ආදායම අදාල පුහුණුව ලබන්නන් වෙතම ලබා දීමට අපේක්‍ෂිතය. මොවුන් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතීන් පහත දැක්වේ.
  1. වෙළඳපොල සඳහා ඇඳුම් විලාසිතා නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය
  2. අත් යන්ත්‍ර රෙදි විවීමේ ව්‍යාපෘතිය
  3. සිමෙන්ති ගල් නිෂ්පාදන ව්‍යාපෘතිය
  4. විසිතුරු මල් පැල , එළවළු පැල සකස් කිරීමේ හා නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපෘතිය
  5. වඩු කාර්මික ව්‍යාපෘතිය

 2. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි මානසික ආබාධ සහිත පුද්ගලයන් 300 දෙනෙකු හඳුනාගෙන , ඉංගිරිය රෝහලේ මානසික සායනයට අනුබද්ධව සුව සහන නමින් සංවිධානයක් පිහිටුවා ඇත. මෙම සංවිධානයේ නිලධාරීන්ගේ හා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඉංගිරිය රෝහල් භූමිය තුළ පැල තවාන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිතය. මෙහිදී මෙය අදියර 02 කින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන අතර එහි පලමු අදියර ලෙස පැල තවාන් ගෘහය සැකසීමත් , දෙවන අදියර ලෙස බීජ පැල සකස් කිරීමත් සිදු කෙරේ. මෙමගින් මානසික රෝගීන්ගේ මානසික සුවය වර්ධනය කිරීම මූලිකවම අපේක්‍ෂා කෙරේ.

 3. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආබාධිත පිරිමි ළමුන් සඳහා වූ මයුර ළමා නිවාසයේ තෝරාගත් දරුවන් 30 දෙනෙකු සඳහා ස්වයංරැකියා අවස්ථා සලසා දීම.‍මේ යටතේ අදාල නිවාසයේ දරුවන් හට සපත්තු නිෂ්පාදනය, විසිතුරු අත්කම් නිර්මාණය හා රෙදි ආශ්‍රිත විවිධ විසිතුරු නිර්මාණ කිරීම පිළිබඳ පුහුණුව ලබා දී අවශ්‍ය අමුද්‍රව්‍ය හා අනෙකුත් පහසුකම් සපයා, වෙළඳපොල සඳහා නිෂ්පාදන සකස් කර ඒවා අලෙවි කිරීම මගින් ආදායම් උත්පාදනය කිරීම මෙමගින් අපේක්‍ෂා කෙරේ.

 4. දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආබාධිත පුද්ගලයන් සඳහා උම්බලකඩ වියලීමේ ව්‍යපෘතිය දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර දෙහිවල ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය විසින් තෝරාගත් ආබාධිත හා අඩු ආදායම් ලාභී පුද්ගලයින් මගින් වියලීමේ උපකරණ භාවිතයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට බලාපොරොත්තු වේ. මෙහිදී මූලිකව පුද්ගලයන් 4 දෙනෙකු යොදවා ව්‍යාපෘතිය ආරම්භ කර මාසිකව උම්බලකඩ කිලෝ 150ක් පමණ නිෂ්පාදනය කොට අලෙවි කිරීම තුළින් එක් පුද්ගලයකුහට මාසිකව රු: 12,000.00/ක පමණ ආදායමක් ඉපයීමට අපේක්‍ෂිතය.

ක්‍රියාත්මක කරන ආකාරය

ප්‍රධාන ලේකම් විසින් ව්‍යාපෘතිය අනුමත කළ පසු ව්‍යාපෘති බලධාරියා යටතේ , ක්‍රියාත්මක බලධාරියාගේ පූර්ණ අධීක්‍ෂණයට යටත්ව ක්‍රියාත්මක කරනු ලැබේ.

ඉලක්ක කණ්ඩායම

දෙහිවල, බණ්ඩාරගම,මතුගම,ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ජීවත්වන අවාසි සහගත පුද්ගලයින්.