අසරණ සරණ ව්‍යාපෘතිය

දැක්ම : වැඩිහිටි ප්‍රජාවට සාඩම්බරව ජීවත්වීමට පරිසරය සැකසීම.

හැඳින්වීම

asarana_sarana
වැඩිහිටියන්ට සත්කාර කිරීම, තම නිවාස හා වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් නාවා, කවා, පොවා ඔවුන්ට සත්කාර කිරීම හා වැඩිහිටියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය හා ඔවුගේ කලා කුසලතා ඔප්නැංවීම සඳහා සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම.

අරමුණු

  • වැඩිහිටි ප්‍රජාව කෙරෙහි දක්වන සෘජු ආකල්ප වෙනස් කිරීම.
  • වැඩිහිටි ප්‍රජාව වෙත වැඩි වටිනාකමක් ලබා දීම.
  • වැඩිහිටියන්ට සැලකීමේ වැදගත්කම ඉස්මතු කිරීම.

ඉලක්කය

බස්නාහිර පළාතේ වෙසෙන අනාථ අසරණ මිනිසුන් සමාජය විසින් රැක බලා ගන්නා සහජීවනයන් පිරි සමාජයක් නැවත ප්‍රති නිර්මාණය කිරීම.

2017 අසරණ සරණ ව්‍යාපෘතිය

විඩාපත්භාවය සමඟ සමාජය තුල සිටින වැඩිහිටියන්  විවිධ මානසික තත්ත්වයන්ට මුහුණ දීමට  සිදු වේ. ඔවුන්ගේ ජීවිතයේදී විවිධ ධනාත්මක අත්දැකීම් ,සෘනාත්මක අත් දැකීම් මේ ඔස්සේ මනසේ ගබඩා වේ.බහුලව  හඳුනාගන්නා අමතක වීම හෙවත් “ඩිමෙන්ෂියා රෝගයද”මේ ඔස්සේ එන තවත් එක් රෝගී තත්ත්වයකි.මෙහිදී වැඩිහිටි නිවාස වල සේවයේ නියුතු වැඩිහිටියන් සමඟ නිරන්තරයෙන් යැපෙන ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් කිරීම 2017 සැප්තැම්බර් 19 වන දින කැළණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී  නාට්‍ය, දේශණය ඔස්සේ දැනුවත් කරන ලදී.. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සමාජ සත්කාරක සතිය ව්‍යාපෘතිය යටතේ මෙම  අසරණ සරණ  වැඩසටහන ඔස්සේ සිදු කරන ලදී.