අත හිත ව්‍යාපෘතිය

දැක්ම : විශේෂ හැකියා සහිත පුද්ගලයින්ට ස්වශක්තියෙන් නැඟී සිටීමට පරිසරය ගොඩ නැඟීම.

හැඳින්වීම

suwa_sewanaවැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත නිවාස හා රෝහල් වල සිටින නේවාසිකයන් සඳහා දාන මාන දීම, ශ්‍රමදාන පැවැත්වීම හා ආබාධිත දරුවන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම සදහා නිෂ්පාදන අලෙවිසැල් ව්‍යාප්ත කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දීම.

අරමුණු

  • අසරණ පිරිස් වෙත පිහිට වීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම.
  • සමාජය තුළ සාමාජීය ගැටළු පිළිබඳ අවබෝධයක් ලබාදීම හා ඒ පිළිබඳව සලකා බැලීමට පෙළඔවීම.
  • අසරණ පිරිස් වෙත සහන සැලසීමට සමාජය බල ගැනිවීම.
  • අත හිත වැඩසටහන ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව විවිධ පුද්ගලයින්, ස්වේච්ඡා සංවිධාන සහ විවිධ ආයතන වැඩිහිටි නිවාස, ආබාධිත නිවාස සහ ළමා නිවාස වෙත මිල මුදලින්, ආහාර පානාදියෙන් සහ ශ්‍රම දායකත්වයෙන් සහය දැක්වීමට ඉදිරිපත්ව ඇත.
  • විශේෂයෙන්ම බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙත් සෙවණ , මිත් සෙවණ සහ සෙත් සෙවණ යන නිවාස තුන සඳහා විවිධ ආහාර පාන , රෙදි පිළි, වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් උපකාර ලැබී ඇති අතර එම කටයුතු අඛණ්ඩව ඉදිරි වර්ෂයන්හි දී ද සිදු කිරීමට ගිවිස ගෙන ඇත.

ඉලක්කය

බස්නාහිර පළාතේ වෙසෙන අනාථ අසරණ මිනිසුන් සමාජය විසින්ම රැකබලා ගන්නා සහජීවනයෙන් පිරි සමාජයක් නැවත ප්‍රති නිර්මාණය කිරීම.

2017 අතහිත ව්‍යාපෘතිය

ශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් (ආබාධ සහිත පුද්ගලයන්) තේමා කර ගනිමින් කෙටි චිත්‍රපටි තරඟාවලියක් පැවැත්වීම මෙහි මූලික අරමුණ වේ. ආබාධිත ප්‍රජාව තුල ස්වශක්තියෙන් නැගී සිටින්නට අවශ්‍ය චිත්ත ශක්තිය ලබා දීම මේ ඔස්සේ නිරූපනය කර ආබාධිත බව නොහැකියාවක් නොවන බව ඒත්තු ගැන්වීම තුලින් සමාජය බලගැන්වීමක් හා ආකල්ප සංවර්ධනයක් සිදු කිරීම අරමුණ වේ. මේ සදහා බස්නාහිර පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සමාජ සත්කාරක සතිය ව්‍යාපෘතිය යටතේ  අතහිත වැඩසටහන වෙනුවෙන් 2017.09.18 දින ජාතික චිත්‍රපට සංස්ථාවේ විනිශ්චය මන්ඩලයක් මගින් තෝරාගත් චිත්‍රපට 6 ප්‍රදර්ශනය කරන ලදී. පසුව 2017.11.25 වන දින කඩවත සොනාරා වයිට්පැලස් උත්සව ශාලාවෙහිදී සම්මාන සහ සහතික ප්‍රදානෝත්සවය ප්‍රවීන කළාකරුවන් හා දිස්ත්‍රික් පළාත් මට්ටමේ රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.