සංස්කෘතික තරගාවලිය

බස්නාහිර පළාතේ සුවිශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සතුව පවතින කලා හැකියාවන් කල එලි දැක්වීමට අවස්ථාවක් සලසා දීම මෙහි ර්‍පධාන අරමුනණයි. ඒ අනුව ශ්‍රවනාබාධ, මනස සෙමෙන් වැඩෙන Otisom යන ආබාධ වර්ගී කරන 6 යටතේ තරඟා වලියක් වශයෙන් පැවැත්වේ.

එක් එක් ආබාධිත වර්ගීකරණය යටතේ ඔවුන්ට ගැලපෙන පරිදි ශාස්ත්‍රීය නර්තන, නව නිර්මාණ නර්තන, ජන නැටුම්, ගද්‍ය රචනා, ජන කවි .ගායනා, වාදන ශාස්ත්‍රිය, වාද්‍ය – විවහාරික සංගීතය, චිත්‍ර අත්කම්, පද්‍ය රචනා, ගායනා සරල ගී ( ඒකල), ගායනා සරල ගී ( යුගල), ගායනා සරල ගී ( සමූහ) වැනි ඉසව් 12 ක් පැවැත්වේ. 2015 වසරේ දී අයදුම්පත් කැදවා ඇති අතර එම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2015.06.30 වේ.

මෙම අයදුම්පත් ප්‍රාදේශිය ලේකම් වෙත හා විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ නිවාස වෙත යොමුකර ඇති අතර අයදුම්පත් සහ අනෙකුත් අවශ්‍ය විස්තර ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා සමාජ සේවා නිලධාරීන් විසින් ලබාගත හැක.

2019 බස්නාහිර පළාත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සංස්කෘතික කලා තරගාවලිය