මයුර ළමා මාර්ග උපදේශන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය

වර්තමාන හා අනාගත ආබාධිත ප්‍රජාවගේ දැඩ් සංකීර්ණ ගැටළු හා ප්‍රශ්න සඳහා මාර්ගෝපදේශන පහසුකම් ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වෑත්තෑව සී / ස සමූපකාර සංගමයට අයත් විශේෂ ආබාධිත ළමා නිවාස පරිශ්‍රයේ ස්ථාපිත භෞත චිකිත්සක මධ්‍යස්ථානයේ සුවිශේෂි සම්පත් ද සැලකිල්ලට ගනිමින් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා යෝග්‍ය වේ.

අප රටේ ජීවත්වන ආබාධිත ප්‍රජාවට සාපේක්‍ෂව රේඛීය සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් 2000 දශකයේ ආරම්භ කරන ලඳ කොළඔ, නාවින්න , පතිරගොඩ පිහිටි ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් රත්නපුර ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් හැරුණු විට සෙසු දිස්ත්‍රික් වලට මෙම ආයතන වි්‍යාප්ත වී නොමැත නමුත් එහි අවශ්‍යතාවය ඉමහත්වේ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර මාර්ගෝපදේශන මධ්‍යස්ථාන ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් සම්පාදනය කෙරෙමින් පවතී විශේෂයෙන් කළුතර දිස්ත්‍රිකයේ උක්ත භෞත චිකිත්සක මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කර ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.

ස්ථානය – බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වෑත්තෑව සී/ස සමාජ සේවා සංගමයට අයත්වන ආබාධිත ළමා නිවාස පරිශ්‍රය.

අරමුණ – ආබාධිත තාවයෙන් පළෙන ප්‍රජාවගේ කායික, මානසික, සෞඛය මෙන්ම අධ්‍යාපනික සංස්කෘතික, ආර්ථික හා සාමාජීය සඩංවර්ධනය ඇති කිරීම. විශේෂයෙන් උපතේ සිට අවුරුදු පහ දක්වා වූ ආබාධිත දරුවන්ගේ ආබාධිත තාවය ඉහල ප්‍රතිශතයකින් අවම කිරීම. ඔවුන් සාමාන්‍ය පෙර පාසල් වලට යොමු කරමින් පූර්ව ළමා විය සංවර්ධනය කිරීම. සමාන්‍ය පාසල් අධ්‍යාපනයට වැඩි ප්‍රතිශතයක් නැබුරු කිරීම. විශේෂ අවශ්‍යතාවය අනුව විශේෂ අධළ්‍යාපනයට යොමු කිරීම. ශාරීරික අවයව සඳහා භෞත චිකිත්සාව මානසික චිකිත්සාව, කතන චිකිත්සාව ආධිය දීර්ඝකාලීනව පවත්වාගෙන යමින් ආබාධිත බාවය අවම කිරීම. වයස අවුරුදු 18 ට ඉක්ම වූ පුද්ගලයින් සඳහා විශේෂ වෘත්තිය පුහුණු වීම් වලටයොමුකිරීම. ඔවුන් ආදායම් උත්පාදන කටයුතු වලට යොමු කිරීම , ආර්ථික සංවර්ධනය කිරීම තුළින් ස්වශක්තියෙන් නැගීසිටීමට හැකි ආත්මාභිමාණී ප්‍රජාව බවට පත් කිරීම අරමුණ වේ.

සමාජ ප්‍රතිලාභ

  • ආබාධිතභාවය ඉහල ප්‍රතිශතයකින් අවම කිරීම.
  • ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත් වීම.
  • ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම.
  • සමාජීය වශයෙන් පිළිගැන්වීමක් ඇති කිරීම.
  • යැපුම් මානසිකත්වය අවම කිරීම.
  • රටේ සංවර්ධනයට ආබාධිත ප්‍රජාව දායක කර ගැනීම.
  • දරිද්‍රතාවය අඩු කිරීම.
  • විරුකියාව අවම කිරීම.