බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ලද පළාත් වැඩැහිටි උළෙල 2023.10.17 වන දින අති උත්කර්ෂවත් අන්දමින් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ලාගේ සහභාගීත්වයෙන් මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පවත්වන ලදී.