දූ පුතු මා පිය සරණ වැඩසටහන

දැක්ම : තමන්ගේ දරුවන්ට අමතරව තවත් එක් දරුවෙකුට පිහිට වීමට ප්‍රජාව බලගැන්වීම.

හැඳින්වීම

mapiya_duputhu_sewana
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් කැපකරු මා පිය ක්‍රමය ක්‍රියාත්මක කිරීම මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනාගනු ලබන පාසල් දරුන්ගේ අවශ්‍යතා සපුරාලීම මෙහිදී සිදු කිරීමට බලාපොරෝත්තු වේ.

අරමුණු

  • අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා සම අවස්ථා ලබාදීම.
  • ඔවුන්ගේ අධ්‍යපන කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසා දීම.

ඉලක්කය

බස්නාහිර පළා‍තේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් යන සියලුම දරුවන් ගේ ආර්ථික ප්‍රශ්න අධ්‍යාපනයට බාධාවක් නොවන ලෙස පිළිසරණ වීම.   

(සඳහා මාසිකව අවමය රු.500.00කට යටත්ව ඔවුන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීම මින් සිදුවේ.)

2019.09.23 – දූපුතු මාපිය සරණ ව්‍යාපෘතිය

වර්තමානය වනවිට බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මව සහ පියා අහිමි හෝ පියා අහිමි අඩු ආදායම්ලාභී දරුවන් 6000 කට වැඩි ප්‍රමාණයකට ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව සිදුවන නමුදු මව සහ පියා ජීවත්ව සිටියද විවිධ හේතූන් මත ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දරුවන් බොහෝ පිරිසක් මෙම පළාත තුළ ජීවත්වන බව නිරීක්ෂණය වී ඇත. එවැනි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අප දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද දූපුතු මාපිය සරණ ව්‍යාපෘතිය යටතේ කැපකරු ශිෂ්‍යත්ව ලබාදීමට කැමති සංවේදී අනුග්‍රාහකයින්ගේ සුරතින් සංකේතාත්මකව කැපකරු ශිෂ්‍යත්ව 50 ක් ප්‍රදානය කිරීම හා එම අනුග්‍රාකයින් ඇගයීමට ලක්කිරීමත් මෙදින සිදුකිරීමට නියමිත වේ.