ජාත්‍යන්තර වැඩිහිටි දින උත්සවය හා තරඟාවලිය

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත තුළ ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුභ සාධනය වෙනුවෙන් ක්‍රියා කරනු ලබන රජයේ ප්‍රධාන ආයතනයකි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යැපුම් මානසිකත්වය ඉවතලා ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් හා ස්වශක්තියෙන් නැගී සිටීමට අවස්ථාව සලසා දීම සඳහා මෙන්ම ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් අප දෙපාර්තමේන්තුව මඟින් දැනටමත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

සමාජ හර පද්ධතීන් හා සමාජ වටිනාකම් පිළිබඳ වගකීම ගිලිහෙමින් පවතින වකවානුවක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය තුළින් වැඩිහිටියන් සතු පාරම්පරික ගුණ වගාවන් හා දැනුම උකහා ගැනීමේ කාලීන අවශ්‍යතාවයක්ද පවතී.

උක්ත අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසාත් ඔවුන්ව ඇගයීමට අවස්ථාවක් සලසා ගැනීම සඳහාත් වැඩිහිටියන් 1000ක් පමණ සහභාගී කර ගනිමින් 2019.09.30 වන දින පෙ.ව 8.00ට පළාත් වැඩිහිටි දින සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

එමෙන්ම ජාත්‍යන්තර වැඩිහිටි දින උළෙලට සමඟාමීව වැඩිහිටි තරගාවලියක් – 2019 වර්ෂයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

අරමුණු

  • බස්නාහිර පළාත තුළ වෙසෙන වැඩිහිටියන් සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම.
  • වැඩිහිටියන්ගේ සාහිත්‍ය කලා කුසලතා  දැනුම හා දක්ෂතා එළි දැක්වීම.
  • වැඩිහිටියන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම.
  • වැඩිහිටි කමිටු හා බල මණ්ඩල අතර සුහදතාවය වර්ධනය කිරීම
  •  වැඩිහිටි බල මණ්ඩල කාර්ය සාධනය ඇගයීම හා බලගැන්විම