අපේ සොඳුරු පවුල ව්‍යාපෘතිය

දැක්ම : මේ මාතෘ භූමිය මේ පින්බර දේශය එක්ව ගොඩ නගමු

හැඳින්වීම

ape soduru pauwla
අප දෙපාර්තමේන්තුවෙන් සේවය ලබන ඉලක්ක කණ්ඩායම් ක්‍රමයෙන් වැඩිවන බවක් දක්නට ලැබේ. වැඩිහිටියන්, අනාථ අසරණ පිරිස්, ආබාධිත දරුවන්ගේ ඉපදීම ක්‍රමිකව වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම අයාල ආඥා පනත යටතේ ක්‍රියාත්මක වන මෙත් සෙවණ නිවර්තන නිවාසයට පැමිණෙන කාන්තාවන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට එවැනි ඉරණමක් අත්වී ඇත්තේ අම්මාගේ රැකවරණය, ආරක්ෂාව, ආදරය නිවසේදී නොලැබීම නිසා බව පෙනී ගොස් ඇත. පරිවාස දෙපාර්තමෙන්තුව යටතේ ක්‍රියාත්මක වන සහතික කළ පාසල්වල රැඳවියන් දෙස බැලුවද ඊට වඩා වෙනසක් නොමැති බව පෙනේ. මේ නිසා යහපත් පරපුරක් ඇති වන්නේ මව්කුස තුළ සිටම බව පැහැදිලි වේ.

අරමුණු

  • යහපත් දරු ප්‍රසූතියක් සඳහා අවශ්‍ය මානසික පසුබිම සැකසීම.
  • දරුවන් වටින සම්පතක් බව සමාජය තුළ තවදුර‍ටත් ස්ථාපිත කිරීම.
  • හැඟීම දැනීම උද්දීපනය වන ගර්භණී සමයේදී යහපත් ආකල්ප ස්ථාපිත කිරීම පහසු වීම නිසා එම අවධියේදී ආධ්‍යාත්මික සංවර්ධනය සිදු කිරීම.

ඉලක්කය

අධ්‍යාත්මික සංවර්ධනයෙන් හෙබි පරිපුන් පරපුරක් රටට දායාද කිරීම.

මෙම ව්‍යාපෘති හතෙන් බලාපොරොත්තු වන ඉලක්ක කර ගැනීමට අනුග්‍රහය ලබා ගැනීමට බලාපොරොත්තු වන ආකාරය.

  1. බස්නාහිර පළාත් සමාජ සේවා අරමුදල පිහිටුවීමෙන් එයට ලැබෙන අනුග්‍රහ මත.
  2. රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය.
  3. දේශපාලන අධිකාරියේ දායකත්වය.
  4. ප්‍රජාවගේ දායකත්වය.
  5. ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය.
  6. ජාතික හා ජාත්‍යන්ර රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රදානයන්.
  7. පාසල් පද්ධතිය හා විශ්ව විද්‍යාල ප්‍රජාවගේ දායකත්වය.
  8. පෞද්ගලික අංශයේ දායක්වය.
  9. ප්‍රජා මූලික සංවිධාන හා ප්‍රජා සංවිධානවල දායකත්වය.
  10. වෙබ් අඩවි මගින්.
  11. තානාපති කාර්යාල හරහා විදේශග ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය.

2019.09.23 – අපේ සොඳුරු පවුල ව්‍යාපෘතිය

යෝජිත අපේ සොදුරු පවුල ව්‍යාපෘතිය තුල අංග කීපයකින් සමන්විතව සිදු කිරීමට අපේක්ෂා ‍කෙරේ. ඒ අනුව මෙහිදී ස්වශක්ති කුඩා කණ්ඩායමේ කාන්තාවන් එක් රැස් කර ඔවුන්ගේ කුඩා කණ්ඩායමේ වසරක අත්දැකීම් අලලා නිර්මාණය කල කෙටි චිත්‍රපටය එළි දැක්වීම, කුඩා කණ්ඩායම තුළ ඔවුන් ලබා ගත් අත්දැකීම් විවරණය, සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශ‍යේ භාවිතය සහ එහි කාලීන වැදගත්කම පිළිබද එම ක‍්ෂෙත්‍රෙය් ප්‍රවීනයකුගේ කෙටි දේශනය, සහ ඉලක්කගත කාන්තාවන්ට සමරු තිලිණ ප්‍රදානය  යන අංග කීපයකින් වැඩසටහන සමන්විත වේ.  වැඩසටහනට යම් සෞන්දර්යාත්මක මුහුණුවරක් එක් කිරීම සදහා වාද්‍ය වෘන්දයක් යොදා ගනිමින් වැඩසටහනේ තේමාවට අදාල සංගීතමය අංග කීපයක්ද එක් කිරීමට බලාපොරොත්තු වේ. මෙය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු කර ඇත.